ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසරේ මුල් මාස හය තුළ රුපියල් බිලියන 120.5ක විශිෂ්ට ආදායමක් වාර්තා කර තිබෙනවා. මෙය මුදල් අමාත්‍යාංශය විසින් නියම කරන ලද ඉලක්කයෙන් 102.6%ක් ඉක්මවා යාමක් බවයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම අගය එම කාල සීමාව සඳහා ආදායම් ඉලක්කය ඉක්මවා යන අතර, එය එකතු කිරීමේ කාර්යක්ෂමතාවයේ සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරන බවද වාර්තා වේ.පසුගිය වසරවල දායකත්වය සැලකීමේදී, 2023 දී දෙපාර්තමේන්තුව රජයට රුපියල් බිලියන 226.7ක දායකත්වයක් ලබා දුන්නා. එය 2022 දී රුපියල් බිලියන 178.6ක් සහ 2021 දී රුපියල් බිලියන 170.3ක් විය.