2025 අගෝස්තු 15 සිකුරාදා, 00:59
නවතම පුවත්

සුබාස්කරන් අලිරාජාගෙන් සජිත්ට මිලියන 500ක්!

ලයිකා මොබයිල් සමූහ ව්‍යාපාරයේ අධිපති සහ ස්වර්ණවාහිනී මොනරා මාධ්‍ය ජාලයේ අයිතිකරු බව කියන සුබාස්කරන් අලිරාජා විසින් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස වෙත රුපියල් මිලියන 500 ක මුදලක් ලබා දී ඇති බව එවකට ‘සිංහ එෆ්.එම්. (පසුව සිත එෆ්.එම්.) අයිතිකරු වශයෙන් කටයුතු කළ නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි විසින් හෙළිදරව් කර තිබේ.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ස්වභාවිකව ආරම්භ වූ ජනතා අරගලය දඩමීමා කරගෙන රට අරාජික කිරීම සඳහා දේශපාලකයන් වෙත මුදල් පොම්ප කරමින් මෙහෙයවීමට අලිරාජා සුබාස්කරන් විසින් කටයුතු කර ඇති බව ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමෙන් අනතුරුව, බුද්ධික පතිරණ හිටපු මන්ත්‍රීවරයා හරහා සජිත් ප්‍රේමදාස සමග මෙම ගනුදෙනුව සිදු කර ඇති බව ඔහු පවසයි. මෙම ගනුදෙනුව සඳහා සුබාස්කරන්ගේ පාර්ශවයෙන් තුන්දෙනෙකු සම්බන්ධ වී තිබේ. ඉන් තුරෙයිඅප්පා ජයසීලන් නමැත්තා මේ වන විට රංජන් රාමනායක විසින් ආරම්භ කරන ලද ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි. අනෙක් පුද්ගලයා නිරූදන් රාජසුන්දරම් ය. ස්වර්ණවාහිනී, මොනරා මාධ්‍ය ජාල, සිත එෆ්.එම්, මැක්ස් ටී.වී සහ මැක්ස් රේඩියෝ යනාදී සියලු මාධ්‍ය ආයතන අයිතිකරුවන් ලෙස ලියාපදිංචි කොට ඇත්තේ මේ දෙදෙනාගේ නම් ය. අනෙක් පුද්ගලයා වන්නේ අරවින්දම් සුබ්‍රමනියම් ය. අප්‍රේල් අරගලය සමයේ ජනතා අරගලය ගෙවල් ගිනි තැබීම දක්වා වර්ධනය කිරීම සඳහා මුදල් හසුරුවන ලද්දේ මෙම පුද්ගලයන් දෙදෙනා බව ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි පවසයි.

මෙම මුදල් කළු මුදල් ලෙස හවාලා ක්‍රමය හරහා මුදල් විශුද්ධිකරණයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ද ඔහු පවසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories