2025 අගෝස්තු 15 සිකුරාදා, 10:51
නවතම පුවත්

සුපිරි වාහන කේස් එකකටසිරිසේනගේ දුවගේ නමත් ගෑවිලා

විදේශ රටවලින් ආනයනය කර නිෂ්කාශනය නොකරන ලද සුඛෝපභෝගි වාහනවල ඡායාරූප පෙන්වා සුඛෝපභෝගී මෝටර් රථයක් ලබාදීමට හැකි බව පවසමින් රුපියල් 27,660,000 මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට වහාම ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (9) නියෝග කළාය.

මෙම සිද්ධිය පිටුපස සිටින්නේ තම සේවාදායකයා නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනගේ ආරක්ෂක නිලධාරියකු බව සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කරන ලදි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයකු වන ගුණසිරිලාල් නමැති සැකකරුවකු සම්බන්ධව නඩුවක් ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හරිස්ක සමරනායක මහතා අධිකරණයට මේ බව දැනුම්දුන්නේය.

තම සේවාදායකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරා ඇතත් සැබවින්ම මෙම සිද්ධිය පිටුපස සිටින ආරක්ෂකයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියේ සැකකරු තම සේවාදායකයා වන ගුණසිරිලාල් නමැත්තා එම ආරක්ෂක නිලධාරියාගේ හිතවතකු බවත්, කොළඹ වරායේ තිබෙන නිෂ්කාශනය නොකළ වාහන අටක් පිළිබඳව ඡායාරූප සමඟ තොරතුරු තම සේවාදායකයාට ලබා දී ඇත්තේ එම ආරක්ෂක නිලධාරියා බවද නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

එම ආරක්ෂක නිලධාරියා විසින් ලබා දුන් ඡායාරූප අටක් තම සේවාදායකයා දන්නා හඳුනන වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර සම්සුදීන් නමැති අයට යවා ඇති බවද, ඒ අනුව පැමිණිලිකරු විසින් එම වාහනයක් ගැනීම සඳහා සැකකරුවන් කිහිපදෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 27,660,000ක මුදල් බැර කර ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවද පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණය හමුවේ පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා හා පැමිණිල්ල මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය, මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories