සුඩානයට බලපා ඇති අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 138ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පුද්ගලයින් 120,000කට පමණ එමගින් බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අයහපත් කාලගුණයෙන් එරට පවුල් 31,000ක් පීඩාවට පත්වී ඇත.
සුඩානයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 12,420 ක් ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වෙයි.