මෙරට නිෂපාදනය කරන ලද රතු සීනි සහ ඉන්දියාවෙන් ආනයනය කළ සුදු සීනි මිශ්‍ර කර ඉන්දියානු රතු සීනි ලෙස වෙළෙඳපොළ වෙත මුදා හැරීමේ ජාවාරමක් ඊයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත. මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික්ක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් විසින් සිදුකර ඇත. මෙම ව්‍යාපාරිකයා කාලයක් තිස්සේ මෙම කටයුතුවල නිරතව ඇති බව සැක කරන අතර කිලෝග්‍රෑම් 50 හිස් සීනි අසුරන 2500කට වඩා අධික ප්‍රමාණයක් එම ස්ථානයේ තිබියදී සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් තවදුරත් විමර්ශන සිදු කරමින් පවතී. මෙසේ කලවම් කර රතු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියක් 300ක මුදලකටත්, සුදු සීනි කිලෝග්‍රෑම් එකක් 240 බැගින් ද, රතු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 310 ලෙස ඔවුන් මිලදීගෙන ඇති බව සොයාගෙන ඇත. ඒවගේම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නඩු පැවරීමටත් නියමිත බව වාර්තාවේ.