යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇති අතර ඉන් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බව වාර්තා වෙයි. ඒ අනුව එහි සිටින සංචාරකයින් සහ කදු නගින්නන් වහාම ඉන් ඉවත් කෙරුණි. එසේම විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, මෙවර සක්‍රිය වී ඇත්තේ එහි ගිනිකොනදිග කුහරය බවයි.
එට්නා ගිනි කන්ද වසරකට අවස්ථා කිහිපයකදීම විදාරණය වේ. මේ නිසා එය ලොව වඩාත්ම සක්‍රිය ගිනිකදුවලින් එකක් ලෙසය. විදාරණයේ හඩ සහ කම්පනය ඉන් කිලෝ මීටර් 50කටත් ඔබ්බෙන් පිහිටි කැටනියා නගරයට පවා දැනී තිබුණි.
ආසන්න කලාපයේ ජනතාව මේ සම්බන්ධයෙන් සීරුවෙන් තැබීමට බලධාරින්ට සිදුව ඇති බව වාර්තා වෙයි.