සිසිල් බීම යැයි සිතා නිවසේ බෝතලයක තිබු ඩීසල් පානය කළ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය, කයිට්ස් පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ, නිවස අසළ තිබු ඩීසල් බෝතලයක් සිසිල් බීම යැයි සිතා දරුවා විසින් පානය කොට ඇති අතර, ඒ බව දුටු දෙමාපියන් දරුවා කඩිනමින් කයිට්ස් රෝහලට ඇතුළත් කොට තිබු බවය.
දරුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර, ප්‍රතිකාර අතරතුර ඊයේ (23) දරුවා මිය ගියේය.
වින්දිතයා යාපනය කයිට්ස්, නාරතනෙයි ප්‍රදේශයේ පදිංචි මාස නවයක් සහ අවුරුද්දක් වයසැති දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් කයිට්ස් පොලිසිය විසින් සිදු කරනු ලැබේ.