සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී.පාලිත ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය 2025‑01‑01 දින සිට පුරප්පාඩුව පැවතිණි.
ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පාලිත ප්‍රනාන්දුගේ පත් කිරීම කොන්ත්‍රාත් පදනම මත එක් (01) වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බව ඇමැති නලින්ද ජතිස්ස සඳහන් කළේය.
ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාය.