2026 මාර්තු 25 බදාදා, 00:55
නවතම පුවත්

සිව්දෙනකු දවා අළු කළ වැහැර ගින්න ගෑස් කාන්දුවක්

                                                                                                                                                                                                                                                          “ලොරියේ ගෙනාව ගෑස් ටැංකිවලට ගෑස් පුරවනකොට එක පාරටම ගෑස් ලීක් වෙන ගඳක් ආවා. ඒ වෙලාවෙ මැනේජර් මහත්තයා ගෑස් එක ඕෆ් කරන්න යන්න හැදුවා. තත්පර දෙකක් ගියේ නැහැ. මුළු පළාතම දෙදරුම් කාලා මහා ගින්නක් එක්ක ගෑස් ටැංකි පුපුරලා ගියා.” යැයි කුරුණෑගල වැහැර ප්‍රදේශයේ පිහිටි ගෑස් පිරවුම් හලක පෙරේදා (07) රාත්‍රී ඇතිවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ එහි සේවකයකු එසේ පවසා ඇත.

මෙම පිපිරීමෙන් ගෑස් පිරවුම් හලේ කළමනාකරු ඇතුළු සිව්දෙනකු මියගිය අතර ඔවුන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි ආකාරයට විනාශ වී පිළිස්සී ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියෙන් තවත් සිවුදෙනෙක් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.
මියගිය අයගෙන් දෙදෙනකු ගෑස් පිරවුම් හලේ සේවකයන් වන අතර අනෙක් දෙදෙනා ගෑස් පිරවීමට පැමිණි ලොරියේ සේවකයෝ වෙති. තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු ද ගෑස් පිරවුම් හලේ සේවකයන් වන අතර අනෙක් දෙදෙනා ගෑස් ලබාගැනීමට පැමිණි ලොරියේ සේවකයන් බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සැළවූ වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල පොලිසියේ නිලධාරීන් සහ කුරුණෑගල ගිනි නිවන හමුදාවේ නිලධාරීන් එම ස්ථානය වෙත ගොස් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.
පෙරේදා රාත්‍රී 11.30ට පමණ මෙම පිපිරීමත් සමග ගින්න හටගත් අතර ගිනි නිවන හමුදාව ඊයේ අලුයම 2.00 පමණ වන විට ගින්න පාලනය කර තිබිණි.

මෙම පිපිරීම සිදුවූ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ කිලෝග්‍රෑම් 6000ක් ගබඩා කර තිබෙන ප්‍රධාන ගෑස් ටැංකියක් පිහිටා තිබෙන අතර ගිනි නිවන හමුදාවේ නිලධාරීහු එය විසන්ධි කර ගින්න පාලනය කිරීමට කටයුතු කළහ.
එම ප්‍රධාන ගෑස් ටැංකිය පිපිරී ගියේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව ගිනි නිවන හමුදාවේ නිලධාරීහු පවසති.

කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ගෑස් ටැංකි පැටවූ ලොරියක් පෙරේදා රාත්‍රී 10.45ට පමණ ගෑස් පිරවීම සඳහා වැහැර ප්‍රදේශයේ පිහිටි ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.
එහිදී ගෑස් බෙදාහරින මධ්‍යස්ථානයේ සේවකයකු ලොරියේ තිබූ ගෑස් ටැංකිවලට ගෑස් පිරවීම ආරම්භ කර ඇත. ලොරිය තුළ ගෑස් ටැංකි 10ක් පමණ තිබී ඇති අතර ඒවා ගෘහස්ථ ගෑස් ටැංකිවලට වඩා විශාල අමුතුම ආකාරයේ ටැංකි බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එම ගෑස් ටැංකි ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කළ ඒවා බවට සැකයක් මතුවී ඇති බවද පොලිසිය පවසයි.
ලොරියේ තිබූ ගෑස් ටැංකිවලට ගෑස් පුරවමින් සිටියදී ගෑස් ගඳ වහනය වන්නට පටන් ගෙන ඇත. ගෑස් පුරවන පොම්පයේ ඇති වූ යම් දෝෂයක් කියා ගෑස් ගඳ වහනය වන බව තේරුම් ගෙන ඇති ගෑස් පිරවුම් හලේ කළමනාකරු ගෑස් පිරවීම නතර කිරීමට උත්සාහ කරනවාත් සමග මහා පිපිරුමක් සමග ගෑස් මධ්‍යස්ථානය ගිනි ගෙන ඇත.

ඒ වනවිට ගෑස් ලබාගැනීමට පැමිණි කීප දෙනකු ද එම ස්ථානයේ සිට ඇති අතර සිද්ධියෙන් ඔවුන් ද තුවාල ලබා තිබේ.

ගෑස් පිරවුම් හලේ පිපිරීමෙන් පසු හිස් ගෑස් ටැංකි කීපයක් ඒ ආසන්නයේ ඇති නිවාස අසලට වැටී ඇති අතර එම නිවාසවලට ද හානි සිදුවී ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
පිපිරීම සිදුවූ ස්ථානය වෙත ඊයේ (08) පෙරවරුවේ පැමිණි කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ස්ථානීය පරීක්ෂාවක් කර ඇත.
කුරුණෑගල පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ පුෂ්පලාල් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories