2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:23
නවතම පුවත්

සිලින්ඩරයේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කංචනට!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය
රවී කරුණානායක ගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය ගැනීමට එක්සත් ජාතික පක්ෂය අද කටයුතු කරන බව එහි සභාපති වජිර අබේවර්ධන පවසයි.

ඔහු පැවසුවේ පක්ෂ මහලේකම්වරිය ගත් මෙම තීරණය සම්බන්ධව පක්ෂයේ කිසිවෙකුද නොදැනුවත්ව සිටි බවය.

එමෙන්ම ලැබුණු මන්ත්‍රීධුර දෙක සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තලතා අතුකෝරලත් පොදුජන පෙරමුණෙන් කංචන විජේසේකරත් පත් කිරීමට යෝජනා වූ බවද ඔහු පවසයි.

“ප්‍රධාන වශයෙන් ඒ කාරණය ගැන අද එක්සත් ජාතික පක්ෂයේ අපේ සාකච්ඡාවේදී පැන නැගුණා. මේ පිළිබඳ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග අනෙකුත් දේශපාලන පක්ෂ සාකච්ඡා කරමින් තිබුණා. ඒ සාකච්ඡා කරමින් තිබෙන අතරතුරේදී එක්සත් ජාතික පක්ෂය නොදැනුවත්ව එතුමාගේ නම සිලින්ඩරේ හිමි දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් කළා කියලා දැනගන්නට ලැබිලා තියෙනවා.

එතකොට ඒක ගැසට් නිවේදනයට යැව්වායි කියලා අපිට දැනගන්නට ලැබිලා තියෙනවා. පක්ෂය හැටියට අපි කල්පනා කලේ මේ නියෝජනයට එක්කෝ තලතා අතුකෝරල මැතිනිය යවන්න. ඒ පිළිබඳ සාකච්ඡා කරමින් තිබුණේ. ඒ ගැන නිසි තීරණයක් ගැනීමට ප්‍රථම මෙවැනි කාරණයක් සිදුවෙලා තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂය හැටියට ගත්තොත් අපේ පක්ෂ ව්‍යවස්ථාවේ 3/3 වගන්තියේ සහ 3/4 වගන්තියේ සහ 9/7 වගන්තියේ සහ 13/7 සහ 13/8 වගන්ති උල්ලංඝනය වීමකුයි සිදුවෙලා තියෙන්නේ”
සභාපතිවරයා පැවසිය.

කේසේ වෙතත් රවී කරුණානායක මහතාගේ නම ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයකට නම් කර එම ගැසට් නිවේදනයද නිකුත් කොට අවසන් ය.

අනෙක් මන්ත්‍රී ධුරය සදහා මාතර දිස්ත්‍රික්කයෙන් තරග වැද පරාජයට පත්වු කාංචන විජේසේකර මහතා පත් කිරිමට මේවන විට තිරණය කොට ඇතිබව විශ්වාසවන්ත ආරංච් මාර්ග පවසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories