ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද 9 වැනි දිනටත් පැවැත්වෙන අතර පෙරවරු 11ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
සිරි දළදා වන්දනාව හෙටින් අවසන් වනු ඇත.
සිරි දළදා වන්දනා කාලය හෙට(27) දිනයෙන් පසු දීර්ඝ නොකරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ සඳහන් කළේ ය.
මේ අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඊයේ(25) යළිත් ජනතාගෙන් ඉල්ලා සිටියේ සිරි දළදා වන්දනාව සඳහා මහනුවර පැමිණිමෙන් වළකින ලෙසයි. මේ වනවිටත් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහනුවර නගරයේ රැඳී සිටින බවද ඔහු ප්‍රකාශ කළේ ය.