සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, එළඹෙන 18 වැනිදා සිට දෛනිකව දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කර ඇති බවයි.
එමගින් මහනුවර දක්වා ගමන් කිරීමටත්, යළි මහනුවර සිට පැමිණීමට හැකි බව ඔහු පැවසීය.
ඊට අමතරව මහනුවර ප්‍රදේශයේ ගම්පොළ, කඩුගන්නාව සහ කටුගස්තොට සිට දුම්රිය ගමන්වාර හදුන්වා දී ඇති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කරයි.