2026 මාර්තු 25 බදාදා, 14:58
නවතම පුවත්

සිරියානු ජනාධිපති බෂාර් ට රුසියාවේ සරණාගතභාවය

බලයෙන් පහකරන ලද සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට රුසියාවේ සරණාගතභාවය ලබා දී ඇතැයි වාර්තා වේ.

ඒ, අයිඑස් ජිහාඩ්වාදීන්ගේ නායකත්වයෙන් යුත් කැරලිකරුවන් සිරියාවේ පාලනය අල්ලා ගෙන පැය කිහිපයකට පසුවය.

ඒ අනුව, බෂාර් අල් අසාද් රුසියාවට පළාගොස් ඇතැයි වාර්තා පළවූ අතර රුසියාව මෙතෙක් ඒ බව නිල වශයෙන් තහවුරු කර නොමැත.

කෙසේවෙතත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යංශය පැවසුවේ, සිරියානු ජනාධිපතිවරයා රට හැරගොස් ඇති බවයි.

ඔහුගේ පළායෑමේ සාකච්ඡා සඳහා රුසියානු රජයේ කිසිඳු දායකත්වයක් ලැබී නොමැති බව ද එම නිවේදනයේ සඳහන් විය.

ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවලට එරෙහිව අසාද්ගේ මර්දනයත් සමඟ ආරම්භ වූ සිරියාවේ සිවිල් යුද්ධයෙන් 5,00,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට තම නිවෙස්වලින් පළායෑමට සිදුව තිබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3.7 ක් අවතැන් වී ඇත.

ඉස්ලාමීය නායක හයාත් තරිර් අල්-ෂාම්ගේ නායකත්වයෙන් යුත් කැරලිකාර සන්ධානය ඉකුත් නොවැම්බර් 27 දා අසාද් පාලනයට එරෙහි සිය ප්‍රහාරය දියත් කළේය.

එතැන් සිට ඇලෙප්පෝ, දමස්කස් සහ හමාස් නගර ඔවුන් අතට පත් විය.

ඊයේ දිනයේදී සිරියාවේ තුන්වන ප්‍රධාන නගරය වන හෝම්ස් හි පූර්ණ පාලනය ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, කැරලිකරුවන් දමස්කස් අගනුවර ද පාලනය අල්ලා ගත් බව නිවේදනය කර තිබුණි.

ඔවුන් ඉන් අනතුරුව ජනාධිපති මන්දිරයට ද ඇතුළු වී තිබුණි.

මේ අතර බෂාර් අල් අසාද්ගේ පළා යාමට පළමු ප්‍රතිචාරය ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ අසාද් වගකීමට ලක් කළ යුතු බවයි.

අමෙරිකාව මෙලෙස අසාද්ව සොයන්නේ ඔහු රුසියාව තුළ සිටින බවට මත පළ වෙමින් ඇති පසුබිමකදි වී ද විශේෂත්වයකි.

සිරියාවේ දේශපාලන පෙරළිය සිරියානුවන්ට තම රට නැවත ගොඩනැගීමට “ඓතිහාසික අවස්ථාවක්” ලෙස ද ඔහු හැඳින්වීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories