2025 අගෝස්තු 15 සිකුරාදා, 13:01
නවතම පුවත්

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බවය.

ඊයේ (20) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී විජිත හේරත් අමාත්‍යවරයා අදහස් පළ කළේය.

“පර්මිට් දෙන්නේ නෑ. දැන් ඒක නතර කරලා තියෙන්නේ. ඒක පැහැදිලියි.”

ප්‍රශ්නය – පර්මිට් එක කාලයකට කලින්ම නතර වුණානේ ?

“ඒ ඇවිල්ලා පර්මිට් එක දෙනවා. වාහනය ගේන්න දෙන්නේ නෑ නේ. මන්ත්‍රීවරුන්ට නෙමෙයි. රජයේ සේවකයින්ට.”

ප්‍රශ්නය – මන්ත්‍රීවරුන්ගේ පර්මිට් එක නතර කළේ ගෝඨාභය ජනාධිපතිතුමා?

“මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා. කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්… පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහනයක් දෙන්නේ නෑ කියලා අපි කවදාවත් කියලත් නෑ. කියන්නෙත් නෑ.”

ප්‍රශ්නය – ඔබතුමන්ලා ප්‍රතිපත්තියක් විදියට කිව්වද ? පාර්ලිමේන්තුවේ 225ටම අපි ආවට පසසේ වාහනයක් දෙනවා කිව්වද ? මට නම් අලුත් වාහන දෙනවා කියලා කියනවා මතක නෑ ?

“පාවිච්චි කරපු වාහන දෙනවා නම් හැමෝටම එක වර්ගයෙන් දෙන්න ඕනේ. එක මට්ටමින් දෙන්නත් ඕනේ. නැත්නම් ආය ප්‍රශ්නයක් මතුවෙනවා. බොහෝම පැහැදිලිව අපි කියපු ප්‍රතිපත්තිය වාහනයක් සම්බන්ධයෙන් වසර 5 සඳහා යම් වාහනයක් ලබාදෙනවා. පාවිච්චි කරන ක්‍රමවේදයට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමා වාහනය පාවිච්චි කරලා වසර 5 අවසානයේ රජයට භාරදීලා යන එක. දෙක වාහනයේ එවකට වටිනාකම රජයට දීලා වාහනය තමන්ට හිමිකර ගන්න එක. ඒකේ වෙනසක් නෑ.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories