ශ්‍රී ලංකාවේ භාෂා බාධක අවම කිරීමේ අරමුණින්, AI තාක්ෂණයෙන් යුතු සිංහල – දෙමළ භාෂා පරිවර්තන මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.
මෙම මෘදුකාංගය මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් සහ පෞද්ගලික අංශය සමඟ එක්ව සංවර්ධනය කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම නව මෘදුකාංගයෙන් සිංහලෙන් කතා කරන කරුණු තත්පර කිහිපයක් ඇතුළත දෙමළ බසටත්, දෙමළ බසින් කතා කරන දෑ තත්පර කිහිපයක් ඇතුළත සිංහල බසටත් පරිවර්තනය කිරීමේ හැකියාව පවතින බවයි.