බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක සිටි ධීවරයෙක් අද අලුයම හටගත් සැඩ සුළඟකට හසුවී අතුරුදන් වී තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසුවේ, අනතුරට ලක් වූ යාත්‍රාවේ ධීවරයන් 6 දෙනෙකු සිටි බවයි.
මෙම යාත්‍රාව පසුගිය 15 වනදා මුහුදු ගොස් ඇති අතර, අද නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී බේරුවල මුහුද ආසන්නයේදී මෙම අනතුරට ලක්ව ඇත.
අතුරුදන්ව ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ. ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වේ.