නින්දවූර් මද්‍රසා පාසලේ සිට නිවෙස් බලා ට්‍රැක්ටර් රථයෙන් ගමන් කරමින් සිටියදී සැඩ පහරට හසුවූ පිරිසෙන් මෙවන විට සිසුන් 5 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බව පොලීසිය පවසයි
පාසල් නිමවී ට්‍රැක්ටරයකින් ගමන් කරමින් සිටි සිසුන් 7 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් තිබේ.
මිට පෙර පොලීසිය සඳහන් කළේ ඒ අතරින් සිසුන් දෙදෙනෙකුව බේරා ගත් බවත් සෙසු පිරිස අතුරුදන්වී ඇති බවත්ය.
නින්දවූර් මද්‍රාසා පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක් අදාළ ට්‍රැක්ටර් රථයෙන් ගමන්කරමින් සිටියදී කාරතිව් හන්දිය ආසන්නයේදී මෙම අනතුරට මුහුණදී තිබුණි.
අවුරුදු 12ත් 16ත් අතර වයසේ පසුවන දරුවන් එළෙස අනතුරට මුහුණදී ඇති බව වාර්තා වෙයි.
අතුරුදන් වූ අනෙක් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය
මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.