මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව සමත්ව තිබේ.
දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීරට හිමිව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙවර ප්‍රතිඵලවලට අනුව දිවයිනේ සිව්වන ස්ථානයට සිසුවියන් තිදෙනෙකු පත්ව තිබේ.
කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන, නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නදුන් පමුදිතා රණවක යන සිසුවියන් සිව්වන ස්ථානයට පත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.