2025 – 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (ජූලි 14) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අයදුම්පත් භාරගැනීම ජූලි 28 වැනිදා දක්වා සිදුකෙරේ.
මේ අතර, 2024 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 237,026 දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය. මෙවර විභාගයට පෙනී සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශතයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටීම විශේෂත්වයකි.