අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසීය.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් සිටී.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 6 සිට 15දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527කදී පැවැත්විණි.
මෙහිදී අයැදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම් ලැබීය.
ඊට පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්ය