මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ (04) දා වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර,
මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ද තිබේ.
කෙසේ නමුත් මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා කිසිදු පාර්ශවයක් ඊයේ දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර නොතිබූ බව එම කොමිෂන් සභාව පැවසුහ.
ජනසෙත පෙරමුණ පක්ෂය යාපනය සහ වන්නි මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් නාම යෝජනා භාර දී ඇති අතර ස්වාධීන කණ්ඩායම් තුනක් ද ඊයේ නාමයෝජනා භාර දී ඇත.
මෙවර මැතිවරණය සඳහා නාම යොජනා භාර ගැනීම ඊයේ ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12 දක්වා නාම යෝජනා භාර ගැනීමට නියමිතව ඇත.