2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:46
නවතම පුවත්

ස්වයං ආරක්ෂාව සඳහා ලබාදී ඇති ගිනි අවි සහ පතරොම් රජය භාරයට.

සිවිල් පුද්ගලයින් හට ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදී ඇති සියළුම ගිනි අවි සහ උණ්ඩ යළි ලබාගැනීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව තාවකාලික පදනම මත 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතේ 6 (1) හා 6 (2) වගන්ති ප්‍රකාරව ආරක්‍ෂක ලේකම් වෙත පැවරී ඇති බලතල අනුව සියළුම ගිනි අවි සහ උණ්ඩ රජය වෙත භාර ගැනීමට තීරණය කර ඇති බවයි එහි දක්වා ඇත්තේ.

ඒ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත්කර ඇති පතරොම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත 2024.11.07 දිනට පෙර භාරදෙන ලෙසද සියළුම බලපත්‍රලාභීන් හට එමගින් දැනුම් දී තිබෙනවා.

එලෙස භාරදීමෙන් පසුව වැලිසර රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව මඟින් නිකුත් කරනු ලබන භාර ගැනීමේ කුවිතාන්සියේ පිටපතක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගේට්ටුව අසල ස්ථාපිත කර ඇති ‘සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන අංශයේ’ ලිපි භාර ගැනීමේ කවුළුව වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දුන්නා.

ඒ අනුව, අදාල දිනට පෙර බලපත්‍රලාභීන් විසින් ගිනි අවි භාරදීමට අපොහොසත් වුවහොත් 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

තවද, දේපොළ ආරක්‍ෂාව, වගා හානි ආරක්‍ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති ගිනි අවි සඳහා මෙය අදාල ‍නොවන බවත්, එම නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories