2026 මාර්තු 20 සිකුරාදා, 08:06
නවතම පුවත්

‘ස්ලාඩා 2025’ අගෝස්තුවේ ඇරැඹේ – වසර 5කට පසු ප්‍රධාන අදියර 4කින්!

වසර පහකට පසුව ප්‍රධාන අදියර හතරකින් සමන්විත වන ‘ස්ලාඩා 2025’ මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලිය, අගෝස්තු මස 16 වැනිදා ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය (SLADA) සංවිධානය කරන මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

මෙවර තරගාවලිය අදියර 4ක් යටතේ පැවැත්වේ. එහි ප්‍රථම අදියර ලෙස රොදර්හැම් කටුකුරුන්ද තරගාවලියේ ප්‍රථම අදියර අගෝස්තු මස 16 සහ 17 දෙදින පැවැත්වේ. අනතුරුව ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය අනුරාධපුර සාලියපුර ධාවන පථයේ දී අගෝස්තු 30 සහ 31 යන දෙදිනදීත්, මින්නේරිය ධාවන පථයේදී ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය ඔක්තෝබර් 4 සහ 5 යන දෙදින දීත් පැවැත්වීමට නියමිතය. ‘ස්ලාඩා’ තරගාවලියේ අවසන් අදියර ලෙස කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වෙන රොදර්හැම් තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් 1 සහ 2 යන දෙදිනදීත් පැවැත්වේ. සමස්ත තරගාවලියේ සම්මාන ප්‍රදාන උළෙල දෙසැම්බර් මස 12 වැනිදා පැවැත්වීමට නියමිත අතර, මෙම තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව මූලිකත්වයෙන් පැවැත්වේ.

රොදර්හැම් තරගාවලියේ ප්‍රථම අදියරේ ක්‍රීඩක ලියාපදිංචිය අගෝස්තු 1 වැනිදායින් අවසන් වන අතර, දෙවැනි අදියරේ ක්‍රීඩක ලියාපදිංචිය ඔක්තෝබර් 17 වැනිදායින් අවසන් වේ. ගජබා තරගාවලියේ ක්‍රීඩක ලියාපදිංචිය අගෝස්තු 20 වැනිදායින් ද, ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේ ක්‍රීඩක ලියාපදිංචිය සැප්තැම්බර් 20 වැනිදායින් ද අවසන් වේ.

මාධ්‍ය හමුව ඇමතූ ස්ලාඩා සභාපති රිස්වි ෆාරුක් මහතා, පසුගිය වසරවලදී පැනනැගුණු කොවිඩ් වසංගතය, පාස්කු ප්‍රහාරය සහ ආර්ථික අර්බුදය වැනි ගැටලු හේතුවෙන් වසර ගණනාවක් මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි වූ බව සඳහන් කළේය. “වසර පහකට පසුව මෙම වසරේදී ප්‍රධාන තරග අදියර හතරකින් සමන්විතව තරගාවලිය පැවැත්වීමට අපට හැකිවීම සතුටක්” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙවර තරගාවලියේ යතුරු පැදි ධාවන තරග ඉසව් 10ක් සහ මෝටර් රථ ධාවන තරග ඉසව් 7ක් ද පැවැත්වේ.

ඒෂියන් පේන්ට්ස් ආයතනය මෙම තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහය සපයනු ලබයි. මාධ්‍ය හමුව සඳහා ස්ලාඩා සභාපති රිස්වි ෆාරුක්, ඒෂියන් පේන්ට්ස් ලංකා සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී වෛතිලින්ගම් කිරිදරන් සහ අනෙකුත් අනුග්‍රාහකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories