2025 අගෝස්තු 15 සිකුරාදා, 08:19
නවතම පුවත්

ස්ථාන මාරුව සමග ගුරුවරියත් මෙලොවින් සමුගනී

වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලැබීම හේතුවෙන් පැවති උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටි ගුරුවරියක් සහ ඇයගේ සැමියා රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

පිටබැද්දර මෙදේරිපිටිය පාසලේ වසර 5ක පමණ සේවය කළ ගුරුවරියක් වෙනත් පාසලකට මාරු වීම හේතුවෙන් පැවති උත්සවයෙන් අනතුරුව සිය සැමියා සමග නිවස බලා යමින් සිටියදී අකුරැස්ස, සියඹලාගොඩ, පිටබැද්ද මාර්ගයේ දී මෙම අනතුරට මුහුණ දී තිබුණා.

ඒ ඔවුන් රැගත් යතුරු පැදිය සුඛෝපභෝගී වෑන් රථයක ගැටීම හේතුවෙනි.

එම අවස්ථාවේදීම තුවාලකරුවන් රෝහල් ගතකිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තේය.

සිද්ධිය දුටුවන් පැවසුවේ තුවාලකරුවන් රෝහල්ගත කිරීමට විනාඩි 20ක පමණ කාලයක් ගත වූ බවය.

“ට්‍රාන්සර් එක අරගෙන යන ගමන් තමා ඇක්සිඩන්ට් එක සිද්ධවෙලා තියෙන්නේ. අවුරුදු 5ක් පුරා දෙනියාය කලාපයේ දෙනිපිටිය ඉස්කෝලේ වැඩ කරේ. ඇක්සිඩන්ට් එක වෙන්න පැයකට කලින් කතා කරලා කිව්වා ට්‍රාන්සර් එක අරන් යන ගමන් කියලා. ටික වෙලාවකින් මට කතා කරා ඇක්සිඩන්ට් වෙලා නැති වුණා කියලා.”

“මහ සද්දයක් ඇහුණා. අපි දුවගෙන ආවා. මෙතැන බයික් එකක් පෙනුනේ නෑ. වාහනයට සම්පූර්ණයෙන්ම යටවෙලා තිබුණේ. ඊට පස්සේ ගමේ කට්ටිය එකතුවෙලා, වාහනේ උස්සලා යටින් බයික් එක ඇදලා තමා එළියට ගත්තේ. ඩ්‍රයිවර්ට කිව්වා ලෙඩ්ඩු ගෙනියන්න කියලා. එයා වාහනේ වටේ කැරකුණා මිසක් ඕනකමක් කරේ නෑ. විනාඩි 20ක් විතර පරක්කු වුණා. පාක් එකේ වීල් එකක් කතා කරගෙන අකුරැස්සට අරන් ගියා.”

“මම එක්කරන් ගියේ ගෑනු එක්කෙනාව. ගෙනියන්න වාහනයක් තිබුණේ නෑ ඒ වෙලාවේ. ට්‍රාන්සර් එකක් හම්බ වෙලා තියෙනවා. ඒ තෑගි පවා බයික් එකේ තියෙනවා.”

තුවාලකරුවන් අකුරැස්ස රෝහලට රැගෙන ගියත් ඔවුන් ජීවිත බේරා ගැනීමට හැකි වූයේ නැහැ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස සහ ඇයගේ සැමියා වන ඉන්දික සම්පත් නැමති අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථය ධාවනය කළ ව්‍යාපාරිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු බීමත්ව සිටියේදැයි පිළිබඳවද විමර්ශන ආරම්භ කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories