2026 මාර්තු 20 සිකුරාදා, 14:15
නවතම පුවත්

ස්ථාන මාරුව සමග ගුරුවරියත් මෙලොවින් සමුගනී

වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලැබීම හේතුවෙන් පැවති උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා යමින් සිටි ගුරුවරියක් සහ ඇයගේ සැමියා රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

පිටබැද්දර මෙදේරිපිටිය පාසලේ වසර 5ක පමණ සේවය කළ ගුරුවරියක් වෙනත් පාසලකට මාරු වීම හේතුවෙන් පැවති උත්සවයෙන් අනතුරුව සිය සැමියා සමග නිවස බලා යමින් සිටියදී අකුරැස්ස, සියඹලාගොඩ, පිටබැද්ද මාර්ගයේ දී මෙම අනතුරට මුහුණ දී තිබුණා.

ඒ ඔවුන් රැගත් යතුරු පැදිය සුඛෝපභෝගී වෑන් රථයක ගැටීම හේතුවෙනි.

එම අවස්ථාවේදීම තුවාලකරුවන් රෝහල් ගතකිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තේය.

සිද්ධිය දුටුවන් පැවසුවේ තුවාලකරුවන් රෝහල්ගත කිරීමට විනාඩි 20ක පමණ කාලයක් ගත වූ බවය.

“ට්‍රාන්සර් එක අරගෙන යන ගමන් තමා ඇක්සිඩන්ට් එක සිද්ධවෙලා තියෙන්නේ. අවුරුදු 5ක් පුරා දෙනියාය කලාපයේ දෙනිපිටිය ඉස්කෝලේ වැඩ කරේ. ඇක්සිඩන්ට් එක වෙන්න පැයකට කලින් කතා කරලා කිව්වා ට්‍රාන්සර් එක අරන් යන ගමන් කියලා. ටික වෙලාවකින් මට කතා කරා ඇක්සිඩන්ට් වෙලා නැති වුණා කියලා.”

“මහ සද්දයක් ඇහුණා. අපි දුවගෙන ආවා. මෙතැන බයික් එකක් පෙනුනේ නෑ. වාහනයට සම්පූර්ණයෙන්ම යටවෙලා තිබුණේ. ඊට පස්සේ ගමේ කට්ටිය එකතුවෙලා, වාහනේ උස්සලා යටින් බයික් එක ඇදලා තමා එළියට ගත්තේ. ඩ්‍රයිවර්ට කිව්වා ලෙඩ්ඩු ගෙනියන්න කියලා. එයා වාහනේ වටේ කැරකුණා මිසක් ඕනකමක් කරේ නෑ. විනාඩි 20ක් විතර පරක්කු වුණා. පාක් එකේ වීල් එකක් කතා කරගෙන අකුරැස්සට අරන් ගියා.”

“මම එක්කරන් ගියේ ගෑනු එක්කෙනාව. ගෙනියන්න වාහනයක් තිබුණේ නෑ ඒ වෙලාවේ. ට්‍රාන්සර් එකක් හම්බ වෙලා තියෙනවා. ඒ තෑගි පවා බයික් එකේ තියෙනවා.”

තුවාලකරුවන් අකුරැස්ස රෝහලට රැගෙන ගියත් ඔවුන් ජීවිත බේරා ගැනීමට හැකි වූයේ නැහැ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස සහ ඇයගේ සැමියා වන ඉන්දික සම්පත් නැමති අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථය ධාවනය කළ ව්‍යාපාරිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු බීමත්ව සිටියේදැයි පිළිබඳවද විමර්ශන ආරම්භ කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories