2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:31
නවතම පුවත්

ස්ත්‍රී විරෝධී මතවාදයන්ට මුහුණ දීමට එකට එක්විය යුතු කාලයක් – අගමැති හරිනි

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් යොමු කරමින් අගමැතිවරිය ඒ බව පෙන්වා දෙයි.

එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

“මෙය අප ලබා ඇති ජයග්‍රහණය සැමරීමට පමණක් නොව, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන ව්‍යුහාත්මක අසමානතාවයන්ට මෙන්ම ස්ත්‍රී විරෝධී මතවාදයන්ට මුහුණ දීමටත් එකට එක්විය යුතු කාලයකි.”

“ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, ආර්ථික දුෂ්කරතා සහ දේශපාලනික බැහැර කිරීම්, ග්‍රාමීය ප්‍රජාවේ කාන්තාවන්ට, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ට, වතුකරයේ සහ අවිධිමත් කම්කරු අංශයේ කාන්තාවන්ට වැනි වෙනස් සමාජ කණ්ඩායම්වලට අසමාන ලෙස බලපායි.”

මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී, වචනවලින් ඔබ්බට ගොස්, අතීත, වර්තමාන හා අනාගත පරම්පරාවන් උදෙසා ක්‍රියාත්මක වෙන බවත් දිගුකාලීන වෙනසක් සඳහා කැපවී කටයුතු කරන බවත් අගමැති නිකුත් කළ පණිවුඩයේ දැක්වෙයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories