ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, නුදුරු දිනකදී ඊලොන් මස්ක් හමුවීමේ අපේක්ෂාවෙන් සිටින බවයි. එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයට ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.