2026 මාර්තු 25 බදාදා, 06:30
නවතම පුවත්

ස්කෑන් වෙන්න විරුද්ධ වුණු නීතිඥවරුන්

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණෙන සියලුම පුද්ගලයන් පරීක්ෂා කිරීමට සවි කරන ලද ස්කෑන් යන්ත්‍රය තුළින් ගමන් නොකිරීමට නීතිඥවරුන් ඊයේ (20 වැනිදා) සිට තීරණය කර තිබෙන අතරම, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ ප්‍රධානත්වයෙන් අධිකරණයේ සියලුම අතිරේක මහෙස්ත්‍රාත්වරුන්, නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (20 වැනිදා) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණවලට එළඹ තිබේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය තුළ දී එ සාකච්ඡාව පැවැත් වුණි.

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් පවතින අතරතුර, අංක 05 අධිකරණ ශාලාවේ විත්ති කූඩුවේ සිටියදී ඉකුත් පෙබරවාරි 19 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමත් සමගම අධිකරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු රැසක් මතු වූ අතර එහි මූලික පියවරක් වශයෙන් පොලිස් මූලස්ථානය මගින් දෙන ලද ස්කෑන් යන්ත්‍රයක් අධිකරණයේ ප්‍රධාන දොරටුව අසල සවි කරන ලදී.

එලෙස ස්කෑන් යන්ත්‍රය තුළින් ගමන් නොකළ ද අධිකරණ සංකීර්ණයේ ගේට්ටුව අසල ආරක්ෂක රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් විසින් අවි ආයුධ, ඇතුළු පුපුරන ද්‍රව්‍ය තිබේදැයි පරීක්ෂා කරන උපකරණ මගින් පරීක්ෂාවන්ට ලක් කිරීමට නීතිඥවරුන් එකඟතාව පළ කර තිබේ.

එම ස්කෑන් යන්ත්‍රය මගින් නීතිඥවරුන්ද ඇතුළුව අධිකරණය තුළට පැමිණෙන සියලු දෙනා පරීක්ෂාවට ලක් කෙරුණි. එසෙලස දිනපතා නීතිඥවරුන්ද පරීක්ෂා කිරීම් හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය මහා සභා රැස්වීමක් ඊයේ පෙරවරුවේ කැඳවා තිබුණි.

එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳ දැනුවත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරින් අතිරේක මහෙස්ත්‍රාත්වරුන්, නීතිඥවරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබුණි.

‘‘කවුරුහරි උසාවියේ ගහමරා ගත්තා කියලා ස්කෑන් යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමෙන් නීතිඥවරුන් අගෞරවයට පත් වෙනවා. ඒ නිසා ස්කෑන් යන්ත්‍රය මගින් ගොස් කරන පරීක්ෂාවට අපගේ විරෝධය පළ කළා. නමුත් පොලිස් නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේ උපකරණ මගින් කරන පරීක්ෂාවන්ට ලක් කිරීමට සංගමය එකඟ වුණා’’ යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක සඳහන් කළේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories