2025 අගෝස්තු 15 සිකුරාදා, 19:12
නවතම පුවත්

ස්කෑන් වෙන්න විරුද්ධ වුණු නීතිඥවරුන්

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණෙන සියලුම පුද්ගලයන් පරීක්ෂා කිරීමට සවි කරන ලද ස්කෑන් යන්ත්‍රය තුළින් ගමන් නොකිරීමට නීතිඥවරුන් ඊයේ (20 වැනිදා) සිට තීරණය කර තිබෙන අතරම, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ ප්‍රධානත්වයෙන් අධිකරණයේ සියලුම අතිරේක මහෙස්ත්‍රාත්වරුන්, නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (20 වැනිදා) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණවලට එළඹ තිබේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය තුළ දී එ සාකච්ඡාව පැවැත් වුණි.

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් පවතින අතරතුර, අංක 05 අධිකරණ ශාලාවේ විත්ති කූඩුවේ සිටියදී ඉකුත් පෙබරවාරි 19 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීමත් සමගම අධිකරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු රැසක් මතු වූ අතර එහි මූලික පියවරක් වශයෙන් පොලිස් මූලස්ථානය මගින් දෙන ලද ස්කෑන් යන්ත්‍රයක් අධිකරණයේ ප්‍රධාන දොරටුව අසල සවි කරන ලදී.

එලෙස ස්කෑන් යන්ත්‍රය තුළින් ගමන් නොකළ ද අධිකරණ සංකීර්ණයේ ගේට්ටුව අසල ආරක්ෂක රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් විසින් අවි ආයුධ, ඇතුළු පුපුරන ද්‍රව්‍ය තිබේදැයි පරීක්ෂා කරන උපකරණ මගින් පරීක්ෂාවන්ට ලක් කිරීමට නීතිඥවරුන් එකඟතාව පළ කර තිබේ.

එම ස්කෑන් යන්ත්‍රය මගින් නීතිඥවරුන්ද ඇතුළුව අධිකරණය තුළට පැමිණෙන සියලු දෙනා පරීක්ෂාවට ලක් කෙරුණි. එසෙලස දිනපතා නීතිඥවරුන්ද පරීක්ෂා කිරීම් හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය මහා සභා රැස්වීමක් ඊයේ පෙරවරුවේ කැඳවා තිබුණි.

එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳ දැනුවත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරින් අතිරේක මහෙස්ත්‍රාත්වරුන්, නීතිඥවරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබුණි.

‘‘කවුරුහරි උසාවියේ ගහමරා ගත්තා කියලා ස්කෑන් යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමෙන් නීතිඥවරුන් අගෞරවයට පත් වෙනවා. ඒ නිසා ස්කෑන් යන්ත්‍රය මගින් ගොස් කරන පරීක්ෂාවට අපගේ විරෝධය පළ කළා. නමුත් පොලිස් නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේ උපකරණ මගින් කරන පරීක්ෂාවන්ට ලක් කිරීමට සංගමය එකඟ වුණා’’ යැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක සඳහන් කළේ

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories