2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:23
නවතම පුවත්

සහල් හිඟය වෙළෙඳපොළ කළඹයි – සම්බා, කීරි සම්බා, රතු කැකුළු අතුරුදහන්!

මේ දිනවල රට තුළ සම්බා, කීරි සම්බා, සහ රතු කැකුළු සහල් සඳහා දැඩි හිඟයක් පවතින බව වාර්තා වේ. මෙම තත්වය හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර, බොහෝ සුපිරි වෙළෙඳසැල්වල රාක්කවල අදාළ සහල් වර්ග නොමැති වීම කැපී පෙනේ.

මෙම සහල් හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, මෙතෙක් වෙළෙඳපොළට සහල් නිකුත් කළ කුඩා පරිමාණ සහල් මෝල්වල තොග අවසන් වී තිබීමයි. මේ අතර, මහා පරිමාණ සහල් වෙළෙන්දන් මේ දිනවල සීමිත ලෙස පමණක් සහල් තොග වෙළෙඳපොළට නිකුත් කරන බවට තොරතුරු ලැබී ඇත. වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ, කුඩා පරිමාණ වෙළෙන්දන්ගේ තොග අවසන් වීමෙන් පසු, මහා පරිමාණ වෙළෙන්දන් සහල් මිල ගණන් ඉහළ දැමීමට සූදානමක් පවතින බවයි. මෙම තත්ත්වය පාරිභෝගිකයන්ට තවදුරටත් දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සහල් හිඟයට සමගාමීව, කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ද කනස්සල්ලට කරුණක් වාර්තා වේ. ගොවීන් පෙන්වා දෙන්නේ නියමිත වේලාවට පොහොර නොලැබීම හේතුවෙන් කුඹුරු ඉඩම් රැසක ගොයම් කහ පැහැ ගැන්වී ඇති බවයි. මෙම තත්වය හේතුවෙන් මෙවර යල කන්නයේ වී අස්වැන්න අඩුවීමේ අවදානමක් පවතින බව ගොවීන් කියා සිටී.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories