2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:03
නවතම පුවත්

සහල් සම්බන්ධ වැටලීම් 2000ක්

පාරිභෝගික අධිකාරිය මේ වන විට සහල් සම්බන්ධව වැටලීම් 2000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා පවසයි.

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ මේ වන විට වැඩිමිලට සහල් අලෙවි කරන්නන් සොයා සති අන්තයේදී මෙන්ම රාත්‍රී කාලයේදී ද වැටලීම් ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අද (08) දිනයේදී කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වැටලීම් කිහිපයක් සිදුකළ අතර එහිදී සහල් වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් රැසක්ද දියත් කරන ලදි.

මෙහිදී සහල් තොග අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන්ගේ උපාය දූතයන් ලවා පරීක්ෂා කළ අතර එහිදී වැඩි මිලට සහල් විකුණන වෙළෙඳසැල් හිමිකරුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබේ.

එහිදි පාලන මිල ඉක්මවූ මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීමට යටතේද නඩු පැවරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

සහල් වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධව අධිකරණයේ වරදකරුවෙකු වූ විට තනි පුද්ගල ව්‍යාපාරයක් නම් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වාත් සමාගමක් නම් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50 දක්වා දඩ නියම කිරීමටත් හැකි බව පාරිභෝගික අධිකාරිය පවසයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories