ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබෙනවා.
නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියේදී තුවාල ලැබූ සයිෆ් මේ වනවිට මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක වේ.