විවිධ සේවා සමුපකාර සමිතිවල වසර තුනක නිල කාලය ඉක්මවා ගිය පසු නියමිත පරිදි ඡන්ද විමසීම නොපවත්වා නීති විරෝධීව පවත්වාගෙන යාම හේතුවෙන් දකුණු පළාත් සමූපකාර කොමසාරිස් පාලනයට යටතට එම පලාතේ විවිධ සේවා සමුපකාර සමිති නමයක් පත් කර ඇත.
වැලිගම, දෙවිනුවර, දික්වැල්ල, බෙරලපනාතර, කොටපොල, කඹුරුපිටිය, හක්මන, බෙලිඅත්ත සහ තංගල්ල මෙසේ කොමසාරිස් පාලනයට ගෙන ඇති විවිධ සේවා සමූපකාර සමිති වෙයි.