තායිලන්ත පාර්ලිමේන්තුව සමරිසි විවාහ නීතිගත කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර පනතක් සම්මත කිරීමට පියවර ගත්තේ ය.
එරට රජුගේ අනුමැතිය එම පනතට හිමිවී තිබේ.
ඒ අනුව අදාළ පනත තවත් දින 120ක් ඉක්මවා යාමෙන් අනතුරුව තායිලන්තය තුළ නීතියක් බවට පත්වන්නේ ය.
මේ සමග තායිලන්තය සමරිසි විවාහ නීතිගත කළ තෙවැනි රට බවට පත්වෙයි.