සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සමරිසි ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල ගැහැනු පිරිමි මිශ්‍ර පෝලිම් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඔවුන්ගේ ඉල්ලීම් සළකා බලා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානවලදී සමරිසි ඡන්දදායකයින් සිටගත යුත්තේ කුමන පෝලිමකද යන්න (ගැහැනු හෝ පිරිමි) ඔවුන්ට මෙමඟින් තීරණය කළ හැකියි.
කෙසේ වෙතත් සංස්කෘතික සහ ආගමික හේතූන් මත නැගෙනහිර වැනි පළාත්වල ගැහැනු සහ පිරිමි වෙනුවෙන් වෙන වෙනම ඡන්ද පෝලිම් ක්‍රියාත්මක වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා