2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:15
නවතම පුවත්

සමන් දේවාල නිලවරණයට අතුරු තහනමක්

සබරගමුව මහ සමන් දේවාලයේ අද (11) දින පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (10) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ලබන 20 වන දා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබිණි.

අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ විනිසුරු කේ.එම්.එස්. දිසානායක යන විනිසුරු මඩුල්ලක් විසින් එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ය.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්. වී. චන්ද්‍රසිංහ විසින් ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ දින අභියාචනාධිකරණය හමුවේ සලකා බලනු ලැබීය.

අදාළ නිලවරණය පැවැත්වෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories