සජිත් ප්‍රේමදාස මහතා මීරිගම පැවති මහජන රැලියක් අමතමින් ප්‍රකාශ කර සිටියේ රට පාලනය කරනවා කියන්නේ රටට සේවය කිරීමයි.එය ඉතාම අසීරු කාර්‍යක්.ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා ණය මරු උගුලේ අපි හිරවෙලා ඉන්නේ.රට වැටිලා තියෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩනැගීමට ප්‍රබල ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළයුතුයි.ක්ෂුද්‍ර කුඩා මාධ්‍ය පරිමාණ ආරම්භ කළ යුතුයි.ඒ තුළින් ආර්ථිකය දුවන එන්ජිම ශක්තිමත් කරන්න ඕනි.අපේ රටේ සෘජු විදේශ ආයෝජනයක් කරන්න ඕනි.ආයෝජකයෝ එන්නේ දූෂණ වංචා නැත්නම් විතරයි.දූෂණය වංචාව නිසා රටට සම්පත් අහිමිවෙලා තියෙනවා.මට අගමැතිධූරය භාරගන්න කියලා ආරාධනා කළ පමණින් අවස්ථාවාදී දේශපාලකයෙක් වෙන්න මට ඕනෑ නෑ ගෝඨාභය අගමැතිකම භාරගන්න කියපු වෙලාවෙත් ඒකම කළා.අගමැති වුණානම් රට බංකොළොත් කළ වංචාකාරීන්ගේ රැකවලා වෙන්න මට සිදුවෙනවා.මාව වරදාන වරප්‍රසාද වලට ගන්න බෑ මම පොදුජන කේන්ද්‍රීය පාලකයෙක් අපේ පක්ෂේ කිසි කෙනෙක් වෙන්දේසි වෙන්නෑ.