සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ලබාදීමෙන් වැළකී සිටීමට සජබ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.
ඒ වෙනුවට, සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරය තමා යටතේ තබාගැනීමට සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ පැවැති සමගි ජන බලවේග ආසන සංවිධායකයන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනකින් අනතුරුව ජනමාධ්‍යවේදීහු මේ සම්බන්ධයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාසගෙන් විමසා සිටියහ.