සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබේ.
එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡා පසුගියදා ආරම්භ වූ අතර සාකච්ඡා වට කිහිපයක් පැවැතියත් මේ වන විට එම සාකච්ඡා අතරමග නතර වී ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් සිය පක්ෂය තවමත් සාකච්ඡාවලින් ඉවත් වී නොමැති බව එක්සත් ජාතික පක්ෂය පැවසුවේය. මේ අතර සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද මෙම පක්ෂ දෙක අතර පැවැත්වෙන සාකච්ඡාවලින් පසුගියදා ඉවත් වූ අතර ඔහු පැවසුවේ සිය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් තමන් මෙම සාකච්ඡාවලින් ඉවත් වන බවය.