පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයන් 223 දෙනෙකුගේ නම් තවමත් තමන් වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ හේතුවෙන්, එම නාම යෝජනා කඩිනමින් යොමු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සියලුම දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් නැවත වරක් ඉල්ලා සිටී.
ඊයේ (ජුනි 13) දිනය වන විට, කොමිෂන් සභාවට ලැබී තිබූ සභිකයන් 104 දෙනෙකුගේ නම් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
පසුගිය මැයි 6 වන දින පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී, බොහෝ පළාත් පාලන ආයතනවල ජය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය.