සබරගමුව විශ්වවිද්‍යාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය පවසයි.
සිසුවාගේ මරණය නවක වදය දීමෙන් සිදුවූවා දැයි සැක කරන බවට විශ්වවිද්‍යාල සිසුවෙකු කළ පැමිණිල්ලක් හා මියගිය සිසුවාගේ පියා කල පැමිණිල්ලක් මත විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.
මෙම මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා සබරගමුව විශ්වවිද්‍යාලය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නවක වදය අපරාධමය වරදක් බැවින් එවැනක් සිදුව ඇති බවට තහවුරු වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය සඳහන් කළේ ය.