2025 අගෝස්තු 15 සිකුරාදා, 15:37
නවතම පුවත්

සබරෙ චරිත්ගේ මරණය පිළිබඳ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍යයි – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

සබරගමුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ පීඨයේ, ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටි අතර මෙයට හේතුව නවකවද සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍ර වලින් තොර වූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයට පවත්වන ලෙසත් චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් ඒ සඳහා වූ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල‍යේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් මේ බව ප්‍රකාශ කර සිටියේය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුල ශේෂව පවතින ගතානුගතික පසුගාමී සංස්කෘතික ලක්ෂණ පරාජයට පත් කිරීමට විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම් ක්‍රියාවලිය තුළ බලවත් උත්සාහයක් දරමින් සිටින බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් පාදක කරගනිමින් පාලකයින් අධ්‍යාපන පෞද්ගලිකකරණයට අදාළ තර්ක තහවුරු කරගැනීමට කටයුතු කරන අතර දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘති බවට පත්කර ඇති බවත් එබැවින් නවකවදය වැනි සංස්කෘතික පසුගාමීකම් සමඟ ශිෂ්‍ය ව්‍යාපාරයට කිසිඳු සම්මුතියක් නැති බවත් ඔවුන් ප්‍රකාශ කොට ඇත.

ශිෂ්‍ය ව්‍යාපාරයේ පැවැත්මට ද බාධාවක් වන පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්‍යාලවලින් තුරන් විය යුතු අතර ඒ සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළුව සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව තුළම බරපතල සංස්කෘතික සංවාදයක් ඇති කළ යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ අදහසයි. පවතින පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්‍යාලවලින් තුරන් කිරීමට මැදිහත්වන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සියලු විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories