සබරගමුව සරසවියේ සිසුවෙකු හදිසියේ මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් නවක වදය හේතුවෙන් එම මරණය සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද, අවධානය යොමු කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එවැනි සිදුවීමක් හේතුවෙන් මරණය සිදුව ඇතැයි අනාවරණය වුවහොත්, ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව, අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේ ය.
එලෙස හදිසියේ මියගොස් ඇත්තේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකි.