සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්.වී. චන්ද්‍රසිංහ පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද ( 3 ) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ලබන 11 වන දා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේදී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබ ඇත.
අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත්තේ, සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංසදයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.