විසඳුම් නොලත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළැඹෙන සඳුදා (25) වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇත.
වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එළැඹෙන සඳුදා දින උදෑසන 08 සිට සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.