පලස්තීනය විසින් සෙනසුරාදා දහවල් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු නිදහස් නොකළ හොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අනතුරු අඟවා තිබේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ බව පවසා ඇත්තේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ගාසා තීරය තුළ සහ අවට ඊශ්‍රායල හමුදා ආරක්ෂාව තර කරන ලෙස තමා නියෝග කළ බවද බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 76 දෙනෙකු තවදුරටත් රඳවාගෙන සිටින බවය.
මානුෂීය ආධාර අවහිර කිරීම ඇතුළුව සති තුනක් පැරණි සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට හමාස් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා කර තිබේ.