සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළැඹෙන 22 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත බව ඊයේ(18) මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ අජිත් පී පෙරේරා පවසයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ රජයක් ගෙන යෑමට අවශ්‍ය දක්ෂ නායකයෙක්, කණ්ඩායමක්, ප්‍රතිපත්තියක් යන සියලු සාධක සමගි ජන සන්ධානය සතු වන බවයි.