‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, අද (07) පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී යි.
‘රට ගොඩගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ එම විවාදය පැවැත්වෙන අතර අද (07) පැවැත්වෙන විවාදය සඳහා සහභාගි වන්නේ සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන ජනාධිපති ධූර අපේක්ෂකයින්.
ඊට සහභාගි වන ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න 06 ක් යොමුකරන බවයි පැෆ්රල් සංවිධානය සඳහන් කළේ.
ඒ අනුව අද ප.ව. 3.00 සිට 5.00 දක්වා සියළුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කිරීමට නියමිතයි.
විවාදයේ දෙවන සහ තෙවන අදියර සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර එම විවාදයන් 8 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා