සජිත්ගේ අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත කරලා නැතිලු!විපක්ෂ නායකවරයා ඊයේ උදෑසන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධ්‍යාපන සහතික සහ වාර්තා අද උදෑසන වන විටත් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කිරීම සඳහා ඉදිරිපත් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේය.
එම සහතික අධ්‍යයනය කර ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියාසිටියේය.
ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ අද (දෙසැම්බර් 19) උදෑසන වන විටත් විපක්ෂ නායකවරයා සිය සහතික හැන්සාඩ් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.