කථානායක අශෝක රන්වලගේ අධ්‍යයන සුදුසුකම් පිළිබඳ මතභේදය මධ්‍යයේ ඔහු ඉල්ලා අස්වීමත් සමඟ කථානායක ධුරය සඳහා තම මන්ත්‍රීවරයකු යෝජනා කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගය ප්‍රකාශ කර තිබිණි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට අනුව ඔවුන්ගේ අපේක්ෂකයා කවුරුන්ද යන්න අද (16) තීරණය කිරීමට නියමිතය.
කෙසේවෙතත්, දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණක් සිටින සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගය සතු 2/3 බහුතරයට අභියෝග කිරීම ගැන සිතා ගැනීමටවත් නොහැකි බැවින් කථානායක ධුරය සඳහා තරඟ කිරීමට ඉඩක් නොමැති බවය.