2025 ජූනි 21 සෙනසුරාදා, 19:06
නවතම පුවත්

සංචාරක ව්‍යාපාර 50000න් ලියාපදිංචි 8000යි

සංචාරක ක්ෂේත්‍රයට අදාළ විවිධ පහසුකම් සපයන ව්‍යාපාර 50,000කට අධික සංඛ්‍යාවක් පැවැතියත් ඉන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව ඇත්තේ ව්‍යාපාර 8,000 ක් පමණක් බව අනාවරණය වේ. ලියාපදිංචි නොවූ එම ආයතන කඩිනමින් ලියාපදිංචි කර බදු ගෙවන කණ්ඩායම තුළට ඇතුළත් කිරීමට කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් රණසිංහ පැවසීය.
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

සංචාරක පනතට අනුව සංචාරක ක්ෂේත්‍රයට අදාළව සේවයක් ලබාදෙන ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය ලබාගත යුතු බවත්, මාර්ගගත ක්‍රමයට (Online) පවත්වාගෙන යන සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරද ඇතුළුව සේවා සපයන ආයතන 50,000 කට අධික සංඛ්‍යාවක් පවතින බවත් ඔහු කීවේය.
අවිධිමත් සංචාරක කර්මාන්තයක් ලංකාව පුරා කාලයක් තිස්සේ ක්‍රියාත්මක බවත්, අසංවිධානාත්මක, අනියම් ආකාරයෙන් ක්‍රියාත්මක එම ආයතන නිසි නියාමනය කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර බදු ගෙවන කණ්ඩායමට ඇතුළත් කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම, විදේශිකයන් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරවල නිරතව සිටින බව පසුගිය කාලයේදී නිරීක්ෂණය වූ බවත්, ඇතැම් සංචාරකයන් දීර්ඝ කාලීනව වීසා බලපත්‍රය දීර්ඝ කරමින් මෙරට ව්‍යාපාරවල නිරතව සිටින බවත්, ඇතැමුන් නීත්‍යනුකූලව ආයෝජනවල නිරතව සිටින බවත් හෙතෙම කීවේය. ඇතැම් විදේශිකයන් දේශීය පුද්ගලයන් සමග එකතුවී ඔවුන්ගේ ස්ථාන කුලී පදනම මත ලබාගෙන ව්‍යාපාරවල නිරතව සිටින බවත් ඔහු කීවේය. මෙම තත්ත්වය ක්‍රමානුකූලව කළමනාකරණය කළයුතු බවත්, මෙම ඇතැම් සංචාරකයන් පසුගිය කාලයේදී රටින් පිටුවහල් කිරීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.

දේශීය පුද්ගලයන්ගේ නිවාස ඇතුළු ගොඩනැගිලි කුලී පදනම මත ලබාගෙන ව්‍යාපාරවල නිරත විදෙස් සංචාරකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊට ඉදිරිපත් වන්නේ බොහෝ විට ඔවුන්ට නිවාස කුලියට ලබාදුන් මෙරට පුද්ගලයන් බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. විදේශීය ආහාර සකස් කිරීම, සම්බාහනය ආදී රැකියාවල මෙරට නිරතවීම සඳහා විදේශිකයන්ට වීසා ලබාදෙන බවත්, මේ වසර තුළදී එවැනි රැකියාවල නිරතවීමට 700 කට ආසන්න පිරිසකට වීසා ලබාදී තිබෙන බවත් කී ඒ මහතා මින් 250 කට වැඩි පිරිසක් සම්බාහනයට අදාළ රැකියාවල නිරත පිරිස බවද පැවසීය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories