ඇල්ජීරියා ජාතික 25 හැවිරිදි විදේශීය සංචාරක තරුණියකගේ ජංගම දුරකථන ඇතුළු වටිනා දේපළ කොල්ලකා ඇය ප්‍රපාතයකට තල්ලු කර පලා ගිය සංචාරක මග පෙන්වන්නෙකූ ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණියට කිසියම් බීම වර්ගයක් පානය කිරීමට දී සිහි නැති කිරීමෙන් අනතුරුව ඇය සතු වටිනා දේවල් කොල්ලකා, ඇයව ප්‍රපාතයකට තල්ලුකර පලා ගොස් තිබේ.
සිහිසුන්ව වැටී සිටි එම තරුණිය රෝහල්ගත කර ඇත.
සිහි ලැබීමෙන් පසු පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු සොරා ගත් ජංගම දුරකථන ඇතුළු දේවල් නැවත සොයා ගැනීමට හැකි වී තිබේ.